කැනඩාවේ ආහාර මිල සියයට 10කින් ඉහළ යයි

Spread the love

කැනඩාවේ ආහාර මිල සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආහාර මිල ඉහළ යාම හේතුවෙන් කැනේඩියානුවන් විශාල පිරිසකට තම ආහාර පුරුදු වෙනස් කිරීමට සිදුවී ඇත.

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව කැනඩාවේ ආහාර මිල අප්‍රේල් මාසයේදී සියයට 9.7 කින් ඉහළ ගියේය.

පළතුරු මිල සියයට 10 කින් සහ ෆෙස්ටා මිල සියයට 20 කින් ඉහළ ගොස් ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
දියවැඩියා වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සියලු වර්ගවල ආහාර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *