කැනඩාවේදී හදිසියේ ගිනිගත් විදුලි මෝටර් රථයක ජනෙල් වීදුරුව කඩා රියැදුරා බේරී ඇත.
Jameel Judda නමැති මෙම පුද්ගලයාට ඔහු මාස 8කට පෙර මිලදී ගත් Tesla Y මාදිලියේ විදුලි මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී හදිසි අනතුරු ඇඟවීමක් ඇසුණි.
මෝටර් රථයේ විදුලි සබඳතාව විසන්ධි වී දොරවල් වසා තිබූ අතර ඒසී වාතාශ්රය හරහා දුම් පිටවන්නට විය.
මෙලෙස ඔහු වෙනත් විකල්පයක් නොමැතිව ජනෙල් වීදුරුව කඩා එළියට පැන්නේය. පසුව ගිනි නිවන භටයන් පැමිණ මෝටර් රථයේ ගින්න නිවා දමා ඇත.