පවතින තාක්ෂණය සහ විද්‍යාව පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ අනුව නුදුරේදීම පාසල් අධ්‍යාපන ක්රමයේ වෙනස්කම් සිදුකිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.
මේ අතර ජාතික පාසල්වලට ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදුන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.