මෙවර ශ්‍රීපාද වන්දනාව මේ මස 17 වැනිදායින් අවසන් වන බව ශ්‍රීපාද උපකුලපති වානා බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
ඔහු මේ බව කියා සිටියේ නල්ලතන්නි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ශ්‍රීපාද වන්දනා සමය අවසන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින්.
17 වැනිදා දහවල් ශ්‍රී පාත උඩමළුවේදී විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව සමන් දේව ප්‍රතිමාව සහ ආභරණ පැල්මඩුල්ල කල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.