මතුගම නගරයේ ඉදිකරන ලද පදික උමං මාර්ගය නාගරික ව්‍යාපාරික ප්‍රජාවගේ සහ තරුණ තරුණියන්ගේ මහජන ප්‍රයෝජනය සඳහා පසුගියදා විවෘත කෙරිණි.
මෙම උමග ජනතාව විසින් ජනතා අයිතියට පත් කිරීම මෙහි විශේෂත්වයයි.
මතුගම වෙනසක් ආරම්භ වී ඇති බවත් මහජන මුදලින් ඉදිකළ ගොඩනැගිලි, ව්‍යාපෘති තවදුරටත් මැති ඇමැතිවරුන්ට ප්රභූන්ට විවෘත කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනතාව ප්‍රකාශ කළහ.
එම වෙනස මතුගම ප්‍රදේශයෙන් ආරම්භ කළ බවත් එය අනෙකුත් පළාත්වලත් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් කියා සිටියා.
අවුරුදු 3ක පිරිමි ළමයෙකු විසින් මෙම උමග මහජනතාවට විවෘත කරන ලදී.