පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ පොලිස් කණ්ඩායමක් විශේෂ තොරතුරු නිකුත් කර තිබෙනවා.
රයි-56 රයිෆල් හතරක් යොදා ගනිමින් පොලිසිය අරගලකරුවන් පාලනය කළ බව ඔවුහු පවසති.
රි 56 වර්ගයේ උණ්ඩ 35ක් පොලිසිය භාවිත කර ඇති බවද අනාවරණය විය.
මේ අතර රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හය දෙනෙකු අද (22) මානව හිමිකම් කොමිසම හමුවට පැමිණියා.
ඔවුන් මෙහි පැමිණ සිටියේ පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා ලබාදීමටයි.
රඹුක්කන සිද්ධිය වූ ස්ථානයේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පැමිණ සිටියහ.
මෙම නඩුව අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.
මේ අතර සිද්ධියෙන් මියගිය සමින්ද ලක්ෂ්මන්ගේ දේහය අද පෙරවරුවේ ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා