දෛනික අවශ්‍යතා සපුරාලීමේදී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මිනිසුන්ට කුසගින්නෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ වගකීම රජය සතු බවයි.
ගෑස්, ඉන්ධන සහ පාරිභෝගික ද්‍රව්‍ය සඳහා සාධාරණ මිලක් නියම කර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමෙන් විරෝධතා පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට උපදෙස් දී තිබේ.