මිල ඉහළ යාමට එරෙහිව පේරු රාජ්‍යයේ විරෝධතාවක් – ඇඳිරි නීතිය

Spread the love

රුසියාව යුක්රේනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමත් සමඟ විවිධ රටවල ලිහිසි තෙල් මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා ලෝකයේ රටවල් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිල ඉහළ දමමින් සිටිනවා.

මේ අතර පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාමත් සමඟ දකුණු ඇමෙරිකානු රටක් වන පේරු රාජ්‍යයේ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබේ. ඒ නිසා මහජනතාව දැඩි පීඩාවට පත්වෙලා.
මීට අමතරව පොටෑෂ්, ඇමෝනියා, යූරියා ඇතුළු කෘෂිකාර්මික පොහොරවල මිල අධික වීම නිසා ගොවීන් පීඩාවට පත්ව ඇත.

රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවෙන් පොහොර ආනයනය අඩාල වී මිල ඉහළ ගොස් තිබේ.බඩු මිල ඉහළ යෑම නිසා ජනතාව සටනට පනිනවා. ප්‍රචණ්ඩත්වයට පත් වූ විරෝධතාවයෙන් මේ වන විට පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විරෝධතාකරුවන් ස්ථාන කිහිපයක රේගු කඩා බිඳ දැමූහ.

මේ තත්ත්වය තුළ අරගලය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවනු ලැබුවා. 11.59 දක්වා එය ක්‍රියාත්මක වේ.මෙම අවස්ථාවේදී මහජනතාවට නිවසින් පිටතට යාමට අවසර නොමැති බව රජය ප්‍රකාශ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *