සිද්ධාලේප ආයුර්වේද වෛද්‍යවරයා හෙවත් සිද්ධාලේප නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.
සිද්ධාලේප කණ්ඩායමේ නායකයා ලෙස ප්‍රකට ඔහු ආයුර්වේදය පිළිබඳ මූලික පුහුණුව ලැබුවේ තම පියා වන හෙන්ද්‍රික් හෙට්ටිගොඩ හරහාය.
ඔහු අත්පිටපත් සහ පැරණි ආයුර්වේදය අධ්‍යයනය කරමින් තම දැනුම පොහොසත් කර ගැනීම විශේෂත්වයකි
