ඉදිරි දින කිහිපයේදී ඩීසල් ඉල්ලුම සපුරාලන්නේ නැහැ – සිපෙට්කෝ සභාපති

Spread the love

ඉදිරි දින කිහිපය තුළ ඩීසල් ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් වීරසිංහ පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය මත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඇති ඉන්ධන හේතුවෙන් අප්‍රේල් මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් කිසිදු කරදරයකින් තොරව සැපයිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ලෝක වෙළෙඳපොළේ පවතින ඉහළ මිලට ඉන්ධන අලෙවි කිරීම දිගටම සිදු කළහොත් මේ වසරේ ඉන්ධන ආනයනය කිරීමට පමණක් ඩොලර් බිලියන 5ක් වැය වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ඩොලර් හිඟයක් හේතුවෙන් ඩීසල් නෞකාවක් දින තුනක සිට කොළඹ සිරවී තිබේ.

මෙම නෞකාවට අවශ්‍ය ඩොලරය අද දිනයේ ගෙවන බවට සහතිකයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *