රුසියානු – යුක්රේන යුද්ධය නිමා කර සාමය පතා ප්රැන්සිස් පාප් වහන්සේ විශේෂ යාඥාවක් ඉදිරිපත් කර තිබේ.
වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී මෙම විශේෂ යාඥාව සිදු විය. එයට රදගුරුවරුන්, පූජකවරුන් සහ මහජනතාව ඇතුළු 3,500 දෙනෙක් සහභාගී වූහ.
යාච්ඥාව අතරතුර අදහස් දැක්වූ ෆ්රැන්සිස් පාප් වහන්සේ ප්රකාශ කළේ පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකේ කටුක අත්දැකීම් මානව වර්ගයාට අමතක වී ඇති බවයි.
මෙම විශේෂ යාච්ඤාව භාෂා 30කට වඩා වැඩි ගණනකට පරිවර්තනය කර ඇත. ලොව පුරා පල්ලිවල දේශීය භාෂාවලින් විශේෂ යාඥාවන්ද පැවැත්විණි.
රුසියාවේ සහ යුක්රේනයේ තානාපතිවරුන් වතිකානුවේ යාඥාවන් සඳහා සහභාගී වූ නමුත් ඔවුන් ශ්රවණාගාරයේ එකිනෙකාට විරුද්ධව වාඩි වී සිටි බව ද පැවසේ.
මේ අතර, යුක්රේනයට එරෙහි යුද්ධය අත්හරින ලෙස ෆ්රැන්සිස් පාප් වහන්සේ රුසියාවෙන් නැවත නැවතත් ඉල්ලා සිටියහ.