විදේශීය දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ අවලංගු කිරීම හෝ නීත්‍යානුකූලව වෙන්වීම පිළිගැනීමට අදාළ නව නීති හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජයට අනුව මේ වනවිට කෙටුම්පත් සම්පාදකයන් මේ සඳහා පනත් කෙටුම්පත් සකස් කරමින් සිටී.
විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා විවාහ ලියාපදිංචි කිරීමේ පනතට ඇතුළත් කළ යුතු වුවද, විදේශීය විවාහ ලියාපදිංචි කිරීම, විවාහය අවලංගු කිරීම හෝ නීත්‍යානුකූලව වෙන්වීම සම්බන්ධ නීති එහි අඩංගු නොවේ.
ඒ අනුව එකී පනත සංශෝධනය කිරීමට සහ ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීමට අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
තවද, පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමටත්, පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අවසර දෙන ලදී.