ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකින් ගැලවුණු අයෙක් නොවන බවත් අද රට මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
රට තවදුරටත් අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැමුන් මෙවැනි කටකතා පතුරවමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය