රන් මිල තවදුරටත් ඉහළ යාම; කැරට් 22 රන් රු. 150,000 කි

Spread the love

ශ්‍රී ලංකා රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (18) පස්වරුව වනතුරු රුපියල් 150,000 දක්වා ඉහළ ගොස් තිබිණි.

කොළඹ චෙට්ටියාර් වීදියේ රන් නිෂ්පාදකයින් පවසන්නේ ස්වර්ණාභරණ සඳහා රත්‍රං හිඟයක් පවතින බවයි.
ඒ තත්ත්වයට හේතුව රත්තරන් ආනයනයේදී ඩොලර් හිඟවීමයි.

අද කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 2000කට ආසන්න බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *