ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (22) තේරී පත් විය.
දිසානායක මහතා මැතිවරණයේ ජයග්‍රාහකයා ලෙස මැතිවරණ කොමිසම (EC) ඊයේ සවස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. සැප්තැම්බර් 21 වැනි දින පැවති මැතිවරණයෙන් දිසානායක මහතා 42.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි ස්ථානයටත්, ඉවත්ව යන ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුන්වැනි ස්ථානයටත් තල්ලු කර දැමූ බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය. දිසානායක මහතා මනාප ද සහිතව ඡන්ද 5,740,179ක් ලබාගෙන ඇත.
දිසානායක අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව NPP සාමාජිකයින් උපුටා දක්වමින් තහවුරු නොකළ වාර්තා පවසයි.