පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පිටවීමත් සමඟ අවලංගු කිරීමට හෝ ප්‍රතිඵල අත්හිටුවීමට බලගතු හේතු මතුවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
සත් පුද්ගල කමිටු වාර්තාව අමාත්‍යාංශයේ තීරණයක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇති බවද ඔහු පැවසීය.
මෙම කාන්දුව දෙපාර්තමේන්තුව තුළම පවතින දෝෂයකට වඩා නිලධාරීන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කිරීමක් ලෙස විස්තර කළ ජයසුන්දර මහතා වගකිවයුතු නිලධාරීන් තම රාජකාරිය පැහැර හැරියහොත් මෙවැනි සිදුවීම් වැළැක්විය නොහැකි බව පිළිගත්තේය. කෙසේ වෙතත්, එම කාර්යය රහසිගතව හැසිරවීමට විශ්වාසවන්ත නිලධාරීන් බඳවා ගැනීම සහතික කිරීම තම වගකීම බව ඔහු එකඟ විය. මින් ඉදිරියට බලධාරීන් වඩාත් විමසිලිමත් වන බවද ඔහු පැවසීය