ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට!
ඉහළ යන ඉන්ධන මිලට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා ගාස්තුව රුපියල් 80 දක්වාත් අමතර සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 70 දක්වාත් වැඩි කෙරෙනු ඇති.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසුවේ ඉන්ධන මිල රුපියල් 350 ඉක්මවන තෙක් ප්‍රකාශිත මිල ස්ථාවරව පවතින බවයි.
රටේ ඉහළ යන ජීවන වියදම සහ පෝලිමේ ඉන්ධන ලබාගැනීමට ගතවන කාලය සැලකිල්ලට ගෙන මෙම මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.
ඉහළ යන වියදම්වලට සාපේක්ෂව මහජනතාවට සාධාරණ මිලක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.