22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Spread the love
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
 
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ දී  ඊට පක්ෂව ඡන්ද 179 ක් හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණක් විරුද්ධව ඡන්දය භාවිත කළේය. 
 
එමෙන්ම, කාරක සභා අවස්ථාවේ එම සංශෝධනය “21” සංශෝධනය ලෙස නම් කිරීමට පාර්ලිමේන්තුවේ එකඟත්වය පළ විය. අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි. 
 
එහිදී පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 173ක් හිමිවූ අතර විපක්‍ෂව සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කර තිබුනි. 
 
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *