මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා 2024 ජනාධිපතිවරණයේ ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනාගේ දෙවැනි මනාප ගණන් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ඡන්ද ප්රතිඵලවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සමගි ජන සන්ධාන අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයින් හැර සෙසු අපේක්ෂකයින් එම තරඟයෙන් නුසුදුස්සෙකු වන බවයි රත්නායක මහතා ප්‍රකාශ කළේ.
මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
තවද, පළමු ගණන් කිරීමේදී කිසිදු අපේක්ෂකයෙකු නියමිත ඡන්ද ප්‍රතිශතය ලබාගෙන නොමැති බැවින් අනෙකුත් ඡන්ද පත්‍රිකා අතරින් ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනා වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අයගේ මනාපය අවසන් තීරණයක් සඳහා ගණන් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති යටතේ, ඡන්දදායකයින්ට දෙවන සහ තෙවන තේරීම් අපේක්ෂකයින් ශ්‍රේණිගත කළ හැකිය. කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයක් නොලැබෙන්නේ නම්, ජයග්‍රාහකයෙකු තීරණය කිරීම සඳහා එම දෙවන මනාප ඡන්ද ප්රමුඛ අපේක්ෂකයින් දෙදෙනාගේ ගනයට එකතු කරනු ලැබේ.