වත්මන් ආණ්ඩුවට බහුතරය අහිමි වුවහොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සැලසුම් කර ඇති බව හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතා පවසයි.
ඉදිරියේදී රජයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තමන් සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.
විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පසු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දක්වා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බවද ඔහු කියා සිටියේය.
මැතිවරණයෙන් ජනතාවට අවශ්‍ය පාලනයක් පිහිටුවීමට අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
අද ජනතාව මුහුණ දී සිටින දැඩි දුෂ්කරතා හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව ඡන්දය නොදී මන්ත්‍රීවරුන්ට තම ගම්බිම් බලා යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.