මැයි 9: ගාලුමුවදොර ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට
පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය ඊයේ (01) අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද නම් කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා ඊයේ (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.