ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ හෙට සිට දින 7ක් බස් රථ ධාවනය කරන්නේද යන්න අවිනිශ්චිත බවයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඩීසල් හිඟය හේතුවෙන් එවැනි බස් රථ ධාවනය කළ නොහැකි බවයි.
මේ අතර හෙට (06) පැවැත්වීමට නියමිත පැය 24 ක බාධාව සඳහා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ද සහය පළ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය