තරුණ ව්‍යාපාරික නායක හාඩි ජමාල්ඩීන් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් පෞද්ගලිකව පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය 2024 සැප්තැම්බර් 11 දින නියෝග කළේය.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් විවේචනය කරමින් ඇය අධිකරණයට අපහාස කිරීමේ වරදක් කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී ඇත. විභාගය අතරතුර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කර ඇති විරෝධතාවලට එරෙහිව ප්‍රතිවිරෝධතා ගොනු කර ඇති බවයි.
වාර්තාව K.A.Nitha විසිනි