හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන පශු ගොවිපලක් විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබේ.
මාතලේ, ලක්කල වස්ගමුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි ගොවිපළකට ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇති බව පොලීසිය පවසයි.
මෙම ගොවිපළේ එළුවන්, ඌරන් සහ හාවුන් ඇති දැඩි කරයි.
විරෝධතාකරුවන් සතුන් මුදා හැර ගිනි තැබූ බව පොලිසිය පවසයි.
මෙම ගොවිපල උද්‍යානයේ මායිමේ අක්කර 15 ක භූමි භාගයක පිහිටා ඇත.