ස්විට්සර්ලන්තයේ ඉන්ධන හිඟයක් පිළිබඳ බිය වර්ධනය වීමත් සමඟ මිනිසුන් දර ගබඩා වැටලීමට පටන් ගෙන තිබේ.
ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අධික උණුසුමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. කෙසේ වෙතත් දිනෙන් දින ඉහළ යන ඉන්ධන අර්බුදය හේතුවෙන් සීත සෘතුවට මුහුණ දෙන්නේ කෙසේදැයි ජනතාව කනස්සල්ලට පත්ව සිටිති.
එක පැත්තකින් ආණ්ඩු විකල්ප වැඩපිළිවෙලවල් හදන්න උත්සාහ දරද්දී ජනතාවම විකල්ප වැඩපිළිවෙලවල් හදන්න පටන් අරන්. ඒ නිසා ස්විට්සර්ලන්ත ජාතිකයන් දර ගබඩා දෙසට එන්න පටන් අරන්.
ඒ නිසා දර මිලත් ඉහළ ගිහින්. ස්විට්සර්ලන්තයේ දර මිල දැනටමත් සියයට 10 කින් වැඩි වී ඇතැයි පැවසේ.
සමහර වෙළෙන්දෝ කිව්වා අපි කවදාවත් මේ තරම් දර විකුණලා නැහැ කියලා