ශ්‍රී ලංකාවේ වාහන අමතර කොටස් හිඟය – මිල ඉහළ යයි

Spread the love

රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් පවතින බව ප්‍රවාහන සංගම් පවසයි. මෙයට හේතුව රටේ පවතින ඩොලර් අර්බුදයයි. වෙළඳපොලේ අමතර කොටස් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ.

කොළඹ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති දේවානන්ද සුරවීර මහතා පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් තම ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව සිටින බවයි.

ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අමතර කොටස් හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති තවත් ප්‍රදේශයක් වන්නේ මගී ප්‍රවාහන බස් ක්ෂේත්‍රය බවයි.

අමතර කොටස් හිඟයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට ලක්වන බවට ප්‍රවාහන සංගම් අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *