විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායමට එරෙහිව ක්රියාත්මක වේ. ජීලෝන් ක්රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගාවලිය ආරම්භ කරමින් නැමීබියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 55 කින් අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමත් සමඟ ප්රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගය මෙන්ම නෙදර්ලන්තයට එරෙහිව ලබන 20 වැනිදා පැවැත්වෙන තරගයද ජය ගැනීම ඉතා වැදගත් වී තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම සහ නැමීබියා අතර තරගයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්ය, නෙදර්ලන්තයට එරෙහිව තරගයට ක්රීඩා කළද එම තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබීය. ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්රී ලංකාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායමටද ඉදිරි තරග ජය ගැනීම වැදගත් කරුණක් බවට පත්වී තිබේ.