වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ විරෝධතා අද මහනුවරින් ආරම්භ වුණා.
මහනුවර පැවැත්වෙන විශාලතම විරෝධතා රැළිය අද (26) පෙරවරු 9.30ට ආරම්භ විය.
විරෝධතා පාගමන බ්‍රහස්පතින්දා මාවනැල්ල සිට ගලිගමුව දක්වාත් ගලිගමුවේ සිට තන්නෝවිට දක්වාත් ගමන් කිරීමට නියමිතයි.
අප්‍රේල් 29 වැනිදා තන්නෝවිට සිට යක්කල දක්වාත් අප්‍රේල් 30 වැනිදා යක්කල සිට පෑලියගොඩ දක්වාත් රැලිය පැවැත්වේ.
මැයි දිනය සැමරීම සඳහා මැයි 1 වැනිදා කෙම්බල් උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පා ගමනක් පැවැත්වේ.