.
විදේශ ආයෝජකයින්ට දීර්ඝ කාලීන පදිංචිය සඳහා වීසා ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම අවස්ථාවේදී පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසීය.
අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක් වාණිජ බැංකුවක තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක නේවාසික වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය’ අනුමත කර ඇත.