මෙරට විදුලි බිල 75%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
2013 වසරෙන් පසු සමස්ත විදුලි ගාස්තුව 75%කින් ඉහළ දැමූ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ අවස්ථා කිහිපයකදී ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.