උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ බව කියන ගාල්ලේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
රුපියල් 43 කට අලෙවි කිරීමට නියමිතව තිබූ බිත්තරයක් රුපියල් 54 කට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ බිත්තර අලෙවිසැලක වෙළෙන්දෙකුට පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබුණා.
ඊට අදාළ නඩුව අද ගාල්ල අගවිනිසුරු පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේ පැවැත්විණි.