වටිනා රාජ්‍ය වත්කම් රැසක් බදු දී වහාම ඩොලර් බිලියන 8ක් රැස් කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

Spread the love

බදු දීමට යෝජිත දේපළ අතරට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ ඇතුළත් වේ. මේවා දිගුකාලීන බදු පදනම මත තබනු ඇත.

කටුනායක ගුවන්තොටුපළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට, මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300කට සහ රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400කට බදු දීමට යෝජිතයි.

ඊට අමතරව කොළඹ වරායේ දකුණු කොටස ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක ආයෝජනයකට බදු දීමට නියමිත අතර කොළඹ වරාය නගරයේ රජය සතු කොටස් ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට බදු දීමට නියමිතය.

මීට අමතරව රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස ඩොලර් මිලියන 500 කට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජය සතු කොටස් ඩොලර් මිලියන 300 කට අලෙවි කිරීමට නියමිත බව දිවයින වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *