ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික අමූ හාජි (Amou Haji) මියගොස් ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි. ඔහු ජීවත් වී ඇත්තේ, දෙජ්ගා ගම්මානයේ වැසියන් විසින් සකසා දෙන ලද ගඩොල් බිත්තිවලින් වට වූ පොළව තුළ හාරන ලද ගුලක් තුළ ය. අමූ හාජි අඩ සියවසකට අධික කාලයක් සබන් සහ වතුර භාවිතය ප්‍රතික්ෂේප කර තිබුණේ, ඉන් ඔහු අසනීප වනු ඇතැයි බියට පත් වූ නිසා ය.ඉරානයේ ෆාර්ස් පළාතේ දිවි ගෙවා ඇති ඔහු, මීට පෙර ද ගම්මුන් විසින් පිරිසිදු කිරීමට ගන්නා ලද උත්සහයක් වළක්වා තිබුණි.
කෙසේ වෙතත්, එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් ඔහු මීට මාස කිහිපයකට පෙර ඇඟ සෝදා පිරිසිදු වී ඇත. ඉන් කෙටි කාලයකට පසු ඔහු අසනීප වී ඇති අතර පසුගිය ඉරිදා (23) ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ඉරානයේ IRNA ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.