රුසියාව යුක්රේනයේ යුද ප්‍රහාරයක් දියත් කරන විට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පිං දුරකථනයෙන් කතා කර ඇත.
පසුව දෙදෙනා රුසියානු-යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කළහ. එහි දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, “රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් චීනය රුසියාවට මූල්‍ය හා මිලිටරි ආධාර ලබා නොදිය යුතු බවයි. චීනය රුසියාවට උදව් කළහොත් දරුණු ප්‍රතිවිපාක අත්විඳිය හැකි බව ඔහු පැවසීය.
යුක්රේන ප්රශ්නය සම්බන්ධයෙන් අමෙරිකාව සහ නේටෝව රුසියාව සමඟ සාකච්ඡා කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබේ.
“කිසිවෙකුට යුද්ධයට යාමට අවශ්‍ය නැත. ලෝක සාමය සඳහා වන උත්සාහයේ කොටසක් ලෙස, ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක අතර සබඳතා නිවැරදි දිශාවට ගමන් කළ යුතුය.