රුපියල් මිලියන 84 ක වටිනාකමකින් යුත් කුෂ් රේගු භාරයට

Spread the love

විශේෂ ගංජා ප්‍රභේදයක් වන ‘කුෂ්’ තොගයක් පෑලියගොඩ ලක්සිරි භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින්  අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

කැනඩාවේ වෙසෙන පුද්ගලයෙකු විසින් භාණ්ඩ ප්‍රවාහන සේවය හරහා මෙරටට එවන ලද ලී පෙට්ටි දෙකක පතුලේ අසුරා තිබියදී කුෂ් සොයාගත් බව එහි සඳහන්.

ලී බඩු පෙට්ටි දෙකේ ව්‍යාජ පතුළක සඟවා තිබූ කිලෝග්‍රෑම් 12ක් පමණ බරැති කුෂ් පාර්සල් 24ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.මෙම භාණ්ඩ රේගුවෙන් මුදා හැරීමට එහි හිමිකරු විසින් බලය පවරන ලද වාප්පු ලිපිකරුවෙක් පැමිණ ඇත.මත්පෙති තොගය සමඟ වාප්පු ලිපිකරු රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *