ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 240ක මුදලක් ලබාදෙන ලෙස භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේ සිට ඉදිරි ජූලි මාසය දක්වා වියදම් පියවා ගැනීමට මුදල් ඉල්ලා ඇත.
සංස්ථාවේ ආදායම පහත වැටීම නිසා වැටුප් හා අනෙකුත් වියදම් සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති බව ද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දන්වා සිටියේය.
මේ වන විට එහි ආදායම සහ වියදම අතර පරතරය රුපියල් මිලියන 65ක් පමණ වේ.
සංස්ථාව සේවකයින් 900 ක් සේවය කරන අතර ඔවුන්ට ගෙවීමට පමණක් මසකට රුපියල් මිලියන 90 ක් වැය කරයි.