රනිල් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා

Spread the love

රනිල් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් විය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 කින් තේරී පත්වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු 14 වැනිදා සිට පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දලස් අලගපෙරුම සහ අනුර කුමාර දිසානායක තරග වැදුණි.

ජනාධිපතිවරණ විශේෂ විධිවිධාන 1981 ආඥාපනතට අනුව අද පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් පැවැත්විණි.

මෙහිදී මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළා. අද මන්ත්‍රීවරු 2ක් සමගි වුණේ නැහැ. මේ අතර ප්‍රකාශිත ඡන්ද 223 න් ඡන්ද 4 ක් වලංගු නොවන බවට ප්‍රකාශයට පත් විය.

රනිල් වික්‍රමසිංහ ඡන්ද 134ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. සෙසු අපේක්ෂකයන් වූ ඩලස් අලගපෙරුම ඡන්ද 82ක් ද අනුරකුමාර් දිසානායකට ඡන්ද 3ක් ද හිමිවීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *