දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන වාර්තා පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් නිකුත් කර ඇති බවද වාර්තා වේ.
මේ වන විට රන්ජන් රාමනායකගේ නිදහසට අදාළ ලිපි ලේඛන අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයා වෙත යවා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. .