රට තුළ උද්ගතව ඇති තත්ත්වය භයානක බවත් එය රටේ අනෙකුත් ප්රදේශවලට පැතිරීම වැළැක්වීමට පක්ෂ නායකයින් එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රඹුක්කන ප්රදේශයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අපට සීමිත විකල්ප ඇති අතර මම මියගිය අයගේ බිරිඳට ද කතා කළෙමි. මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ චන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙකි. ඔහු ගිනි තියන්න ගියේ නැහැ. මේ සිදුවීම් ගැන සාකච්ඡා කිරීමට අපි ළඟදීම පක්ෂ නායකයන් හමුවෙමු. කිව්වා