යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාවක් මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙම පොහොර තොගය අද (09) ගොඩබාන අතර හෙට (10) ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාරදීමට නියමිතයි.
මෙම පොහොර බෙදා හැරීම හෙට සිට රටපුරා ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා නිවේදනය කර ඇත