යුක්රේනයේ තත්ත්වය ගැන කැනේඩියානු අගමැති කම්පනයට පත් විය

Spread the love

හදිසියේ යුක්රේනයට ගොඩ බැස්ස කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ එහි රුසියානු ප්‍රහාරයට ලක් වූ සිවිල් නිවාසවල තත්ත්වය දැකීමෙන් මහත් කම්පාවට පත් විය.රුසියානු ප්‍රහාරයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පිහිටි ඉර්පින් හි හදිසි සංචාරයක නිරත වූ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඊයේ නගරාධිපති ඔලෙක්සැන්ඩර් මාර්කුෂින් ද හමු විය.

රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් හානියට පත් සිවිල් නිවාසවල තත්ත්වය දැකීමෙන් තමා කම්පනයට පත් වූ බව ටෲඩෝ පැවසීය.මෙම පුවත තහවුරු කරමින් කැනේඩියානු අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ටෲඩෝ යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් ජෙලෙන්ස්කි හමුවී යුක්රේන ජනතාවට කැනඩාවේ ස්ථිර සහයෝගය ප්‍රකාශ කරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *