යාපනය – වඩ්ඩුකෝට්ටෙයි පොලිස් වසමේ නිවසක තිබී වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
මවුඩි, සංකරත්තෙයි ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
එම කාන්තාවන් අවුරුදු 76 සහ 73 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
එක් අයෙක් සති දෙකකට පෙර මිය ගියේය. අනෙකා මීට දින දෙකකට පෙර මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නිවසේ දෙදෙනකු පමණක් පදිංචිව සිටි බැවින් ඔවුන්ට උදව් කිරීමට කිසිවකු නොසිටි බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.
මාසික දීමනාව නොලැබීම හේතුවෙන් ග්‍රාම සේවක මහතා නිවස සොයා ගිය අවස්ථාවේදී දෙදෙනාම මියගොස් ඇති බව අනාවරණය වී තිබේ