මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ කළ 67ක් අත්අඩංගුවට

Spread the love

ත්‍රිකුණාමලයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දේශසීමා හරහා යාමට උත්සාහ කළ පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) රාත්‍රියේ ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් වූ සාලි සහ සම්බල් දූපත් ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

නිලාවේලි පොලිසිය හා එක්ව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ රැඳවියන් අතර කාන්තාවන් හත් දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, අම්පාර, රත්නපුර, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *