මුදල් ඇමති තනතුර බාරගන්නේ නෑ – අලි සබ්රි

Spread the love

හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි නව රජයේ මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර කොටුව ජනාධිපති නිල නිවසේ පැවැති විශේෂ හමුවකදීය.

තමන් නව රජයට සහය පළ කරන නමුත් මුදල් අමාත්‍ය ධූරය භාර නොගන්නා බව ඔහු පවසා තිබේ.

මීට පෙර අප්‍රේල් මාසයේදී හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *