මිත්‍ර රටවල සහය කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය

Spread the love

පවතින ජාතික අර්බුදයට විසඳුම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක කිරීම වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජපානයේ ටෝකියෝ නුවරදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආසියාවේ අනාගතය පිළිබඳ 27 වැනි ජාත්‍යන්තර සමුළුව අමතමිනි.
ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජාතික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා පැවැත්වෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.
සංචාරක ව්‍යාපාරය අඩාල කර ඇති කොරෝනා වසංගතය උද්ධමනය ඉහළ ගොස් ඇති බවත්, එමගින් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය අඩු වී ඇති බවත්, දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ණය බර උග්‍ර වී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා මිත්‍ර පාක්ෂිකයින්ගේ සහය කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *