මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යවනවා

Spread the love

මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයා සහ රජය ගෙදර යවන බව  විරෝධතාකරුවන් පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගන්නා බවද ඔවුහු පැවසූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විරෝධතාව යටපත් කිරීමට උත්සාහ කරන බව පැවසූ ඔවුන් හමුදා සෙබළුන්ට බිය නොවන බවද කියා සිටියා.

විරෝධතාව නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යන බවද ඔවුන් සඳහන් කළා.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔවුන් ඉහත අදහස් පළ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *