මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට මඩකලපුවේ රාජකාරියේ

Spread the love

ඉන්ධන උද්ධමනය, ඉන්ධන හිඟය වැනි ගැටලු හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සපයන මඩකලපුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද සිට පාපැදි පදිමින් සිටිති.

අතිකාල සේවයේ යෙදෙන්නන්ට අතිකාල දීමනා ලබාදීමද රජය විසින් නවතා දමා ඇති අතර, මහජනතාවට පූර්ණ කාලීනව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කාර්ය මණ්ඩලය ඉන්ධන මිල ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

කෙසේ වෙතත් ජනතා සේවය අඛණ්ඩව සිදුකිරීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට පාපැදියෙන් තම රාජකාරී සඳහා පිටත්ව යනවා.

මේ වන විට රට තුළ කොරෝනා ආසාදනය අඩුවෙමින් පවතින අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *