මඩකලපුවේදී ලංකා බැංකුව සහ වෘත්තීය සමිති එක්ව අද (28) ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය.රටපුරා වැඩවර්ජනයක් දියත් කිරීමට කරන ලද ඉල්ලීමකට අනුව අද පෙරවරු 11.00 ට මඩකලපුවේ ලංකා බැංකුවේ සහ වෘත්තීය සමිති සිය ගණනක් ගාන්ධි උද්‍යානයට රැස්විය.
විදේශ කළු කඩ මාෆියාව තහනම් කරනු, හදිසි නීතිය ඉවත් කරනු, ජීවන වියදම ඉහළ යෑම අවම කරනු” යනාදී සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් ගාන්ධි උද්‍යානයේ සිට කොට්ටමුනෙයි පාලම දක්වා පා ගමනින් පැමිණියහ. ඔවුන් මූලස්ථාන පොලිස් ස්ථාන වීදිය වටා ගොස් එතැන් සිට නැවත ගාන්ධි උද්‍යානයට පැමිණියහ.
ඔවුන් පැයක පමණ කාලයක් සටන් පාඨ කියමින් පාගමනින් ගොස් විසිර ගියහ