ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිදුවූ පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් කාර්ය මණ්ඩලයේ අවම වශයෙන් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම සිදුවීම සඳුදා දේශීය වේලාවෙන් පෙ.ව. 10.30 ට පමණ (GMT වේලාවෙන් පෙ.ව. 5.00) ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායි දක්වා ගමන් කරන මීටර් 270 ක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MV Wan Hai503 හි සිදු විය