පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ රාත්‍රියේ සිට රටපුරා ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනය ද අත්හිටුවා තිබේ. මේ හේතුවෙන් අද උදෑසන සේවයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි මගීන් රැසක් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව අනාවරණය වේ. කෙසේ වෙතත් දේශීය බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර පෞද්ගලික බස් රථ ද සියයට 10කින් පමණ ධාවනය විය.
ඉන්ධන ලබාගෙන ඇති ප්‍රදේශවල කෙටි ගමන් සේවා බස් රථ පමණක් ධාවනය කරන බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති කැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් රථ නොසලකා හැරීම හේතුවෙන් මගීන්ට සිදුවන පීඩා අවම කිරීමේ අරමුණින් ලංගම බස් රථවල සේවා පෙරට වඩා අද වැඩි කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා සිටියි.
බස් ගාස්තු අඩු කිරීම සහ තම බස් රථ සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස් සංගම් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.